List of active policies

Name Type User consent
Participation in the project agreement Other policy Authenticated users
Research data agreement Other policy Authenticated users
Materials and data sharing agreement Other policy Authenticated users
Access to data agreement Other policy Authenticated users
Complaints and requests agreement Other policy Authenticated users
වෙබ් අඩවි පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය Privacy policy Authenticated users

Summary

ඔබේ සහභාගීත්වය ස්වේච්ඡාවෙන් වන අතර කිසිම හේතුවක් නොදී, සහ කිසිම අහිතකර ප්‍රතිවිපාකයක් නොමැතිව ඔබට ඕනෑම වේලාවක අස් වීමේ නිදහස තිබේ.

Full policy

 


Summary

සම්මුඛ සාකච්ඡාවලින්, නිරීක්‍ෂණ සැසිවලින් සහ යොමුගත කණ්ඩායම්වලින්, හෝ සමීක්‍ෂණ මාර්ගයෙන් රැස් කරනු ලබන දත්තවලට මෙම මාර්ග දර්ශන අවධියට සහභාගී වන්නා පර්යේෂකයින්ට ප්‍රවේශ වීමට හැකි වෙයි. මෙම පුද්ගලයින්ට එම ද්‍රව්‍ය වෙත පිවිසීමට අවසර දෙන ලෙස අපි ඔබගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.

Full policy

 


Summary

The materials and the data you will upload on the digital platform will be accessible to those researchers, practitioners, volunteer workers and parents taking part in the project during this piloting phase. We kindly ask you to give permission for these individuals to access those materials through the platform, and to commit to not sharing data from other participants (i.e., forum posts, shared images) on external platforms.

Full policy

 


Summary

ලබා දී ඇති පුද්ගලික දත්ත වෙත පර්යේෂකයින්ට ප්‍රවේශය තිබෙන අතර, ඒවා මිලානෝ බිකෝකා විශ්වවිද්‍යාලයේ සුරක්‍ෂිතව ගබඩා කෙරෙන අතර ව්‍යාපෘතිය අවසානයේදී ඒවා සම්පූර්ණයෙන් නිර්නාමික කෙරේ. දත්ත ප්‍රකාශන සඳහා භාවිත කෙරෙන නමුත් ඔබව හඳුනාගත නොහැකි පරිදි පරිහරණ කරනු ලැබේ. ඔබ මෙය අවබෝධ කරගත් බව තහවුරු කරන ලෙස අපි ඔබගෙන් ඉල්ලන්නෙමු.

Full policy

 


Summary

ඔබේ පුද්ගලික පැතිකඩ පිටුවට පැමිණීමෙන්, හෝ privacy@isotis.org වෙත ලිවීමෙන් හෝ ඔබේ රට සඳහා දත්ත කළමනාකරණයට භාරව සිටින පුද්ගලයා සම්බන්ධ කර ගැනීමෙන් ඔබට සැලකිල්ලක් ප්‍රකාශ කිරීමට හෝ පැමිණිල්ලක් කිරීමට හැකි වෙයි. ඉතාලිය සඳහා:

ඇණ්ඩ්‍රෙයා මැංගියාටෝර්ඩි

andrea.mangiatordi@unimib.it

මිලානෝ බිකෝකා විශ්වවිද්‍යාලය

Piazza dell’Ateneo Nuovo, 1

20126 Milano

දුරකථනය 0039 02 64484923

දත්ත සැකසුම්කරු ඉතාලියේ මිලානෝ බිකෝකා විශ්වවිද්‍යාලය වන අතර ප්‍රධාන සම්බන්ධතා පුද්ගලයා ආචාර්ය ඇණ්ඩ්‍රෙයා මැංගියාටෝර්ඩි වෙයි. සෑම හවුල්කරු සංවිධානයක්ම තම රටේ රැස් කරනු ලබන දත්ත සඳහා පාලකයෙකු වන අතර, එම රටවල් සඳහා වන සම්බන්ධතා පුද්ගලයින් පහත ලැයිස්තුගත කෙරෙති:

Universiteit Utrecht: Paul Leseman (P.P.M.Leseman@uu.nl); සහ දත්ත ආරක්‍ෂක නිලධාරී Artan Jacquet (R.A.Jacquet@uu.nl).

Hellenic Open University: Konstantinos Petrogiannis (kpetrogiannis@eap.gr); සහ දත්ත ආරක්‍ෂක නිලධාරී (dpo@eap.gr).

Masarykova University: Karel Pančocha (pancocha@ped.muni.cz).

Paris XII Val De Marne University: Jacques-Olivier Adam (jacques-olivier.adam@u-pec.fr)

International Step By Step Association: Ning Alfrink (nalfrink@issa.nl).

Full policy



Summary


මෙම වෙබ් අඩවිය ISOTIS ව්‍යාපෘතිය මඟින් මෙහෙයවනු ලබන අතර, ඉතාලියේ මිලානෝ බිකෝකා විශ්වවිද්‍යාලයේ ධාරණ කිරීම, පවත්වා ගැනීම සහ පාලන කිරීම සිදු කරනු ලැබේ. අපි ඔබගේ පෞද්ගලිකත්වය ඉතා දැඩි ලෙස සලකන්නෙමු, එබැවින් මෙම පෞද්ගලිකත්ව ප්‍රතිපත්තියේ පහත ඒවා පිළිබඳ වැදගත් තොරතුරු තිබෙන බැවින් මෙය ඉතා පරීක්‍ෂාකාරී ලෙස කියවන ලෙස අපි ඔබ පොලඹවමු: 

  • අපි කවුරුන්ද,
  • අපි පුද්ගලික තොරතුරු රැස් කරන, ගබඩා කරන, භාවිත කරන සහ බෙදා ගන්නා ආකාරය සහ ඒවාට හේතුව,
  • ඔබගේ පුද්ගලික තොරතුරු සම්බන්ධයෙන් ඔබේ හිමිකම්, සහ
  • ඔබ ළඟ පැමිණිල්ලක් තිබේ නම් අප සහ අධීක්‍ෂණ බලධාරීන් සම්බන්ධ කර ගන්නා ආකාරය.

අපගේ වෙබ් අඩවිය භාවිත කිරීමෙන්, ඔබ මෙම පෞද්ගලිකත්ව ප්‍රතිපත්තියේ කොන්දේසිවලට එකඟ වෙයි. 



Full policy

අපි කවුරුන්ද

ISOTIS ව්‍යාපෘතියේ හවුල්කරුවන් ('අපි' හෝ 'අප', http://www.isotis.org/consortium/partner-institutions/ හි ලැයිස්තු කර ඇත) ඔබ පිළිබඳ සමහර පුද්ගලික තොරතුරු රැස් කරන සහ භාවිත කරන අතර ඒවාට වගකීම දරති. දත්ත පාලකයා ඉතාලියේ මිලානෝ බිකෝකා විශ්වවිද්‍යාලය වන අතර ප්‍රධාන සම්බන්ධතා පුද්ගලයා ආචාර්ය ඇණ්ඩ්‍රෙයා මැංගියාටෝර්ඩි වෙයි. (එක්සත් රාජධානිය ඇතුළුව) යුරෝපා සංගමය පුරා යෙදෙන පොදු දත්ත ආරක්‍ෂණ රෙගුලාසි (යු.ස.) 2016/679 මඟින් අප නියාමන කෙරෙන අතර,‘පරිපාලකයෙක්’ වශයෙන් අපි එම නීතිවල අරමුණු සඳහා එම පුද්ගලික තොරතුරුවලට වගකීම දරන්නෙමු.


අපි රැස් කර භාවිත කරන පුද්ගලික තොරතුරු මොනවාද

අ) ඔබ අපට සපයන පුද්ගලික තොරතුරු

ඔබ අපගේ වෙබ් අඩවියේ ඔබේ පුද්ගලික ගිණුම සාදන විට, හෝ ඔබ වෙබ් අඩවිය මත අධ්‍යාපන කටයුතුවලට සහභාගී වන්නා විට, ඔබ අපට පහත සඳහන් තොරතුරු සපයන්නෙහි:

  • ඔබ වැඩිහිටි සහභාගී වන්නෙකු (මාපියෙකු හෝ ගුරවරයෙකු) නම්: ඔබේ නම (අත්‍යවශ්‍ය නොවේ), ඔබේ ඉ-තැපැල් ලිපිනය, ඔබ වාසය කරන රට
  • ඔබ සිසුවෙකු නියෝජන කරන්නේ නම් (මාපියෙකු, නීත්‍යානුකූල භාරකුරුවෙකු හෝ අනෙකුත් වගකීම දරන්නෙකු ලෙස): සිසුවා වාසය කරන රට

මෙවැනි තොරතුරු පහත හේතු සඳහා රැස් කරනු ලැබේ:

නම: අප හෝ අනෙකුත් පරිශීලකයින් විසින් හඳුනා ගනු ලැබීම සඳහා
රට: පර්යේෂණ අරමුණු සඳහා
ඉ-තැපෑල (ඔබ වැඩිහිටි සහභාගී වන්නෙකු නම් පමණක්): සන්නිවේදන අරමුණු සඳහා හෝ ඔබේ ගිණුම පවත්වා ගැනීම සඳහා (එනම් මුරපද ප්‍රතිසාධනය)
භූමිකාව (ගුරුවරයා, මාපිය…): පර්යේෂණ අරමුණු සඳහා සහ වේදිකාව තුළ නිසි කණ්ඩායම්වලට යොමු කිරීම සඳහා

අපි ඔබෙන් තොරතුරු රැස් කරන අවස්ථාවේදී, ඔබ අපට තොරතුරු සැපයීමට අවශ්‍යද යන්න අපි ඔබට දන්වමු.

අපි මෙම තොරතුරු රැස් කරන අවස්ථාවලට සමහර උදාහරණවලට ඇතුළු වන්නේ:

  • ඔබේ පුද්ගලික ගිණුම සෑදීම
  • අධ්‍යාපනික කටයුතුවලට සහභාගී වන විට


ආ) සංවේදී පුද්ගලික තොරතුරු

සංවේදී පුද්ගලික තොරතුරුවලට පහත සඳහන් ඒවාට අදාළ ඕනෑම තොරතුරක් ඇතුළු වෙයි (මෙහි යෝජිත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ විය හැකි තොරතුරුවලට උදාහරණ):

ඔබේ සම්භාව්‍ය ජාතිය
ඔබේ ආගමික විශ්වාස
ඔබේ ශාරීරික හෝ මානසික සෞඛ්‍යය හෝ තත්ත්‍වය
ඔබේ ලිංගික දිශානතිය

වෙබ් අඩවියේ ලියාපදිංචි කරන සමයේ සංවේදී පුද්ගලික තෙරතුරු කිසිවක් ඍජුව ඉල්ලනු නොලැබේ. එසේ වූවත්, ඔබ වේදිකාවේ සාකච්ඡාවලට හෝ ක්‍රියාකාරකම්වලට සහභාගී වන විට සමහර සංවේදී පුද්ගලික තොරතුරු රැස් කරනු ලැබිය හැක. මෙයට ඔබේ සම්භාව්‍ය ජාතියට, ඔබේ ආගමික විශ්වාසවලට හෝ ඔබේ ශාරීරික හෝ මානසික සෞඛ්‍යයට සහ තත්ත්‍වයට අදාළ තොරතුරු වැනි ඒවා ඇතුළු වෙති. අපි මෙම තොරතුරු රැස් කරන්නේ පර්යේෂණ අරමුණු සඳහා පමණයි.

ක්‍රියාකාරකම් තුළ සංවේදී පුද්ගලික තොරතුරු සම්බන්ධ විය හැකි අවස්ථාවලට උදාහරණ:

  • ඔවුන්ගේ සාමාන්‍ය දවසක්, ඔවුන්ගේ නිවාස පරිසරය සහ ඔවුන්ගේ පවුල්, සහ ඔවුන් ගරු කරන සම්ප්‍රදාය ගැන පවසන ලෙස සහභාගී වන්නන්ගෙන් අසනු ලැබිය හැක: මෙය ඉහත ලැයිස්තු කළ දත්තවලින් සමහරක් අනුමාන කිරීමට ඉඩ සැලසිය හැක;
  • චිත්‍ර ඇඳීම් උඩුගත කරන ලෙස ළමයින්ගෙන් ඉල්ලනු ලැබිය හැක, එය ශාරීරික හෝ බුද්ධිමය අපචය හෙළි කළ හැක.


අපි ඔබගේ පුද්ගලික තොරතුරු භාවිත කරන ආකාරය

අපි පහත සඳහන් අරමුණු සඳහා අපගේ පරිශීලකයින් ගැන තොරතුරු රැස් කරමු:

  • වේදිකාව තුළ ඔබේ ක්‍රියාකාරකම පිළිබඳ පර්යේෂණ කිරීම, යෝජිත ක්‍රියාකාරකම් කාර්යක්‍ෂමද, තේරුම්ගත හැකිද, සහ චින්තනය පොලඹ වන්නේද යන්න ඇගයීමට;
  • සම්මන්ත්‍රණවල ඉදිරිපත් කිරීම් ඇතුළුව වාර්තා කිරීම සහ විද්‍යාත්මක ලිවීම; අධ්‍යාපනික ප්‍රකාශන සියල්ල ISOTIS වෙබ් අඩවියේ (www.isotis.org) ලැයිස්තු කරනු ලැබේ.



දත්ත යුරෝපා සංගමයට පිටතින් යවනු නොලබන අතර, කිසිම තෙවන පාර්ශවයක් ඔබේ පුද්ගලික තොරතුරුවලට ප්‍රවේශ නොවෙයි. ඔබේ දත්ත ස්වයංක්‍රීය තීරණ ගැනීමේ පද්ධති පෝෂණ කිරීමට භාවිත නොකෙරේ (එනම්, ඔබේ හැසිරීම පදනම් කර ගෙන වැඩිදුර අන්තර්ගතය හෝ සේවා වෙත නිර්දේශ නොතිබේ).


පුද්ගලික තොරතුරු සපයන ලෙස අපි ඔබෙන් ඉල්ලන්නේද යන්න සහ එසේ නම් එයට හේතුව

පහත සඳහන් තොරතුරුවල සම්පාදනය ඔබෙන් අවශ්‍ය කෙරේ:

ඔබ වැඩිහිටි සහභාගී වන්නෙකු (මාපියෙකු හෝ ගුරවරයෙකු) නම්: නම (අත්‍යවශ්‍ය නොවේ), ඉ-තැපැල් ලිපිනය, රට, භූමිකාව (මාපිය හෝ ගුරු)

ඔබ සිසුවෙකු නියෝජන කරන්නේ නම් (මාපියෙකු හෝ අනෙකුත් වගකීම දරන්නෙකු ලෙස): සිසුවාගේ රට

මෙය අපට පහත සඳහන් දේ කිරීමට සබල කිරීමටයි:

නම: අප හෝ අනෙකුත් පරිශීලකයින් විසින් හඳුනා ගනු ලැබීම සඳහා (උදා: ගුරුවරයා, වෙනත් ශිෂ්‍යයින්)
රට: පර්යේෂණ අරමුණු සඳහා
ඉ-තැපෑල (ඔබ වැඩිහිටි සහභාගී වන්නෙකු නම් පමණක්): සන්නිවේදන අරමුණු සඳහා හෝ ඔබේ ගිණුම පවත්වා ගැනීම සඳහා (එනම් මුරපද ප්‍රතිසාධනය)
භූමිකාව (ගුරුවරයා, මාපිය…): පර්යේෂණ අරමුණු සඳහා සහ වේදිකාව තුළ නිසි කණ්ඩායම්වලට යොමු කිරීම සඳහා

අපි ඔබෙන් තොරතුරු රැස් කරන අවස්ථාවේදී, ඔබ අපට තොරතුරු සැපයීමට අවශ්‍යද යන්න අපි ඔබට දන්වමු.


ඔබේ පුද්ගලික තොරතුරු කොපමණ කලකට තබා ගනු ලබන්නේද

අපි පහත කාල පරිච්ඡේද සඳහා ඔබේ පුද්ගලික තොරතුරු තබා ගනිමු:

නොසැකසූ දත්ත, එනම් වෙබ් අඩවි පරිශීලකයින්ගෙන් රැස් කරනු ලබන, තවමත් සැකසුම් කර නැති දත්ත ඉතාලියේ මිලානෝ බිකෝකා විශ්වවිද්‍යාලයේ පිහිටි සුරක්‍ෂිත සේවාදායකවල ගබඩා කෙරෙන අතර ව්‍යාජ නාම තැබීමේ ක්‍රියාවලියකට යටත් වෙයි. මෙම ක්‍රියාවලියේදී අපි දත්තවලින් විස්තර කෙරෙන පුද්ගලයින් නිර්නාමිකව සිටිය හැකි වීම සඳහා පුද්ගලිකව හඳුනාගත හැකි තොරතුරු ඉවත් කරමු, නැති නම් සංකේතන කරමු. ව්‍යාජ නාම තැබීමේ ක්‍රියාවලිය හැකි ඉක්මනින් සිදු වන අතර, නොසැකසූ දත්ත ඉතාලියේ මිලානෝ බිකෝකා විශ්වවිද්‍යාලයේ ව්‍යාපෘතිය අවසන් වූ පසු උපරිම වශයෙන් මාස හයකට තබා ගනු ලබන අතර, ඉන් පසු මකා දමනු ලැබේ. නිර්නාමික කළ පර්යේෂණ දත්ත (කිසිම හඳුනාගත හැකි තොරතුරක් නොමැතිව) නෙදර්ලන්තයේ උට්‍රෙච්ට් විශ්වවිද්‍යාලයේ පිහිටි සුරක්‍ෂිත සේවාදායක වෙත ගෙන ගොස්, එහි අවුරුදු 10ක කාලයකට තබනු ලැබේ.

දත්ත ගබඩා කිරීම සඳහා වන කාල පරිච්ඡේද පර්යේෂණයට අවශ්‍ය එකට වඩා දිගු නොවේ.


අපට ඔබේ පුද්ගලික තොරතුරු රැස් කර භාවිත කළ හැකි වීමට හේතු

අපි නීතිමය පදනම ලෙස කැමැත්ත ප්‍රකාශ කිරීමේ පත්‍රයක රැඳී සිටින අතර, ඒ මත අපි ඔබේ පුද්ගලික තොරතුරු රැස් කර භාවිත කරන්නෙමු.

අපි ඔබේ සංවේදී තොරතුරු (එනම් GDPR හි තිබෙන පරිදි විශේෂ ප්‍රවර්ගය) සැකසුම් කරන පදනම ව්‍යාපෘතියෙන් ඉදිරිපත් කෙරෙන පර්යේෂණ සොයා ගැනීම්වල වලංගුතාව පෙන්වීමට සැකසුම් කිරීම අවශ්‍ය වන බවයි.


ඔබේ තොරතුරු ආරක්‍ෂිතව තබා ගැනීම

පුද්ගලික තොරතුරු අහම්බෙන් නැති වීම, හෝ බලය නොලත් ආකාරයකින් භාවිත කරනු ලැබීම හෝ පිවිසෙනු ලැබීම වැළැක්වීමට අප ළඟ සුදුසු ආරක්‍ෂක කටයුතු තිබේ. අපි ඔබේ පුද්ගලික තොරතුරු දැන ගැනීමට අවංක අවශ්‍යතාවක් ඇති අයට පමණක් ලෙස ඒවා වෙත ප්‍රවේශය සීමා කරමු. ඔබේ තොරතුරු සැකසුම් කරන අය එසේ කරන්නේ නම් බලය ලත් ආකාරයකින් වන අතර රහස්‍යතා වගකීමකට යටත් වෙති.

අපි ඔබේ තොරතුරු ආරක්‍ෂිතව තබා ගැනීමට තාක්‍ෂණික සහ සංවිධානාත්මක කටයුතු ද භාවිත කරමු. මෙම කටයුතුවලට පහත උදාහරණ ඇතුළු විය හැක:

පරිශීලක ගිණුම් ප්‍රවේශය සුවිශේෂී පරිශීලක නාමයක් සහ මුරපදයක් මඟින් පාලන කෙරේ; සියලුම දත්ත අපගේ සුරක්‍ෂිත සේවාදායකවල ගබඩා කෙරේ; මුරපද සංකේතන කළ ආකෘතියකින් ගබඩා කෙරේ; ඔවුන්ගේ පළමු ඇතුළු වීමෙන් පසු අභිරුචි මුරපදයක් සකසන ලෙස පරිශීලකයින්ගෙන් ඉල්ලනු ලැබේ.

දත්ත ආරක්‍ෂණ උල්ලංඝනය ලෙස සැක කෙරෙන කිසියම් එකක් සමඟ කටයුතු කිරීමට ද අප ළඟ ක්‍රියාවලි තිබේ. අපි එසේ කරන ලෙස නීතියෙන් ඉල්ලනු ලබන විට අපි ඔබටත් කිසියම් අදාළ නියාමකයාටත් දත්ත ආරක්‍ෂණ උල්ලංඝනයක් ලෙස සැක කෙරෙන ඒවා දන්වමු.

සැබැවින්ම, අපි ඔබගේ පුද්ගලික දත්ත ආරක්‍ෂා කිරීමට සාධාරණ ප්‍රයත්න සියල්ල භාවිත කරන අතරතුර, වෙබ් අඩවිය භාවිත කිරීමෙන් ඔබ අන්තර්ජාලය භාවිත කිරීම සම්පූර්ණයෙන් ආරක්‍ෂිත නොවන බව පිළිගන්නා අතර, මේ හේතුව නිසා අපට අන්තර්ජාලය හරහා ඔබ වෙතින් හෝ ඔබ වෙත යවනු ලබන කිසියම් පුද්ගලික දත්තවල සුරක්‍ෂිතතාවට හෝ අවංකත්වයට වගකිව නොහැක. ඔබට ඔබේ තොරතුරු සම්බන්ධයෙන් කිසියම් නිශ්චිත සැලකිල්ලක් තිබේ නම්, පහත විස්තර භාවිත කර අප සම්බන්ධ කර ගන්න.


ළමයින් සහ කැමති ප්‍රකාශයේ වලංගුතාව

අපි කිසියම් පරිශීලකයෙකුගෙන් කැමති ප්‍රකාශය ලබා ගන්නා විට, එම පරිශීලකයාගේ වයස අවුරුදු 16 හෝ එයට වැඩිද යන්න, සහ වලංගු කැමති ප්‍රකාශයක් ලබා දීමට ළමයාට ප්‍රමාණවත් ලෙස තොරතුරු දී තිබේද යන්න තහවුරු කිරීමට අපි සියලුම සාධාරණ පියවර ගනිමු. පරිශිලකයාගේ වයස අවුරුදු 16 ට අඩු නම්, කිසියම් පුද්ගලික තොරතුරු සැකසුම් කිරීම සඳහා කැමති ප්‍රකාශය ලබා දීමට මාපිය කැමැත්ත අවශ්‍ය වෙයි.

ළමයින් ඇතුළු සෑම පරිශීලකයෙකුටම සුවිශේෂී පරිශීලක නාමයක් සහ මුරපදයක් තිබේ. පරිශීලක නාමවලට සම්බන්ධ මුරපද ආරම්භයේදී වේදිකා පරිපාලකයින් විසින් සකසනු ලැබේ, නැති නම් අහඹු ලෙස ජනන කෙරේ. පරිශීලකයින් තම පළමු ප්‍රවේශයේදී ඒවා වෙනස් කිරීමට අවශ්‍ය වෙයි. පෞද්ගලිකත්ව හේතු නිසා, මුරපද VLE දත්ත සමුදාය තුළ සංකේතිත ආකෘතියකින් ගබඩා කෙරෙති, එවිට ISOTIS ව්‍යාපෘතියේ පරිශීලකයින්ට හෝ වේදිකා පරිපාලකයින්ට ඒවා කියවීම හැකියාව නොතිබේ, පරිශීලකයෙකුගේ ඉල්ලීම මත ඒවා යළි සැකසීමට පමණක් හැකි වෙයි. පරිශීලකයින් විසින් ස්වාධීනය කළමනා කළ හැකි වන මුරපද යළි සැකසුම් ක්‍රියාවලියට පරිශීලකයාගේ ඉ-තැපැල් ලිපිනයට විශේෂ සබැඳියක් යැවීම ඇතුළු වෙයි. තනි ඉ-තැපැල් ලිපිනයකට සම්බන්ධව බහු ගිණුම් සෑදීමේ අවස්ථාවේදී, මුරපද යළි සැකසීමේ ක්‍රියාවලිය එම ඉ-තැපැල් ලිපිනයට ප්‍රවේශ වීමට බලය ලත් පුද්ගලයා (සාමාන්‍යයෙන් ගුරුවරයෙක්) විසින් කළමනා කරනු ලැබිය හැක. තනි පුද්ගලයෙකු විසින් ගිණුම් කළමනා කරනු ලබන අවස්ථාවේ, අවසාන ගිණුම් හිමියා සැබැවින්ම පරිශීලක නාමය සහ මුරපදය යන දෙකම දන්නා එකම පුද්ගලයා වන බව අපි තහවුරු කරමු. ඉහත සඳහන් කළ පරිදි, වැඩිහිටි හෝ ළමා යන සෑම පරිශීලකයෙකුගෙන්ම වේදිකාව වෙත පළමු සහතික කළ ප්‍රවේශයෙන් පසු විගසින්ම නව මුරපදයක් තෝරා ගන්නා ලෙස ඉල්ලනු ලැබේ, එවිට පෙර සන්නිවේදන කළ මුරපද ක්‍රියාත්මක නොවෙති.


ඔබට ඇති අයිතිවාසිකම් මොනවාද?

පොදු දත්ත ආරක්‍ෂණ රෙගුලාසිය යටතේ, ඔබට නොමිලේ අයිතිවාසිකම් කිහිපයක් ඇත. සාරාංශ වශයෙන්, එම අයිතිවාසිකම්වලට ඇතුළු වන්නේ:

  • අපගේ සේවාදායකවල ඔබේ තොරතුරු තවදුරටත් ගබඩා කරනු ලැබීමට ඔබට කැමති නොවන්නේ නම් ඕනෑම වේලාවක තෝරා ඉවත් වීම
  • සාධාරණ ලෙස තොරතුරු සැකසුම් කිරීම සහ අපි ඔබේ පුද්ගලික තොරතුරු භාවිත කරන ආකාරය ගැන විනිවිද භාවය
  • ඔබේ පුද්ගලික තොරතුරුවලට සහ දැනටමත් මෙම පෞද්ගලිකත්ව දැන්වීම යොමු වීමට සැලසුම් කර ඇති අනෙකුත් සමහර අතිරේක තොරතුරුවලට ප්‍රවේශ වීම
  • අපි තබා සිටින ඔබේ තොරතුරුවල තිබිය හැකි කිසියම් වැරදි නිවැරදි කිරීමට අපගෙන් ඉල්ලීම
  • සමහර අවස්ථාවලදී ඔබ සම්බන්ධ පුද්ගලික තොරතුරු මකා දැමීමට ඉල්ලීම
  • ඔබ අපට සපයා ඇති ඔබ පිළිබඳ පුද්ගලික තොරතුරු ව්‍යූහගත, සාමාන්‍යයෙන් භාවිත කෙරෙන සහ පහසුවෙන් ගෙන යා හැකි ආකාරයකින් ලබා ගැනීම.
  • අනෙකුත් සමහර අවස්ථාවලදී අප විසින් ඔබේ පුද්ගලික තොරතුරු අඛණ්ඩව සැකසුම් කරනු ලැබීමට විරෝධතාව දැක්වීම
  • සමහර සන්දර්භවලදී අප විසින් ඔබේ පුද්ගලික තොරතුරු සැකසුම් කරනු ලැබීම වෙනත් ආකාරයේ සීමා කිරීම
  • අප විසින් කිසියම් දත්ත ආරක්‍ෂණ නීති කඩ කරනු ලැබීමෙන් සිදු වූ හානි සඳහා වන්දි ඉල්ලීම

ඒවා යෙදෙන සන්දර්භ ඇතුළුව එම සෑම අයිතිවාසිකමක්ම පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා, පොදු දත්ත ආරක්‍ෂණ රෙගුලාසි යටතේ තනි පුද්ගල අයිතිවාසිකම් පිළිබඳ එක්සත් රාජධානියේ තොරතුරු කොමසාරිස් කාර්යාලයේ (ICO) මඟ පෙන්වීම බලන්න (http://ico.org.uk/for-organisations/guide-to-the-general-data-protection-regulation-gdpr/individual-rights/)

ඔබ මෙම අයිතිවාසිකම්වලින් කිසිවක් යොදා ගැනීමට කැමති නම්:

  • අපට ඉ-තැපෑලක් යවන්න
  • ඉල්ලීම කරන්නේ වෙනත් යම් කෙනෙක් නොව, ඒ ඔබම බව තහවුරු කිරීමට අපට ප්‍රමාණවත් තොරතුරු ලබා දෙන්න (පරිශීලක නාමය සහ සම්බන්ධ ඉ-තැපෑල)
  • ඔබේ ඉල්ලීම අදාළ වන තොරතුරු අපට දන්වන්න


ඔබට අමතර උදවු අවශ්‍යද?

ඔබ වෙනත් ආකෘතියකින් මෙම ප්‍රතිපත්තිය ලබා ගැනීමට කැමති නම් (උදාහරණ වශයෙන්: ශ්‍රව්‍ය, විශාල මුද්‍රණ, බ්‍රෙයිලි), පහත ඉ-තැපැල් ලිපිනය භාවිත කර අප සම්බන්ධ කර ගන්න.


පැමිණිලි කරන ආකාරය

අප විසින් ඔබගේ තොරතුරු භාවිත කරනු ලැබීම ගැන ඔබ පැන නඟින ඕනෑම ප්‍රශ්නයක් හෝ සැලකිල්ලක් අපට විසඳිය හැකි බව අපි විශ්වාස කරන්නෙමු.

පොදු දත්ත ආරක්‍ෂණ රෙගුලාසිය ඔබට අධීක්‍ෂණ අධිකාරියකට, විශේෂයෙන්ම ඔබ වැඩ කරන, සාමාන්‍යයෙන් ජීවත් වන හෝ චෝදනා කරනු ලබන කිසියම් දත්ත ආරක්‍ෂණ නීති කඩ කිරීම සිදු වූ යුරෝපා සංගමයේ (හෝ යුරෝපීය ආර්ථික කලාපයේ) රට තුළ පැමිණිල්ලක් කිරීමේ අයිතිය ද ඔබට ලබා දෙයි. එක්සත් රාජධානයේ ඇති අධීක්‍ෂණ අධිකාරිය තොරතුරු කොමසාරිස් වන අතර, එය https://ico.org.uk/concerns/ ඔස්සේ හෝ 0303 123 1113 දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගත හැක.



පෞද්ගලිකත්ව ප්‍රතිපත්තියට කෙරෙන වෙනස්කම්

මෙම පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය 2018/05/30 වෙනිදා ප්‍රකාශන කරනු ලැබූ අතර 2018/05/30 වෙනිදා අවසන් වරට යාවත්කාලීන කරනු ලැබුවේ ය.

අපි මෙම පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය කලින් කල වෙනස් කිරීමට ඉඩ ඇත. අපි සියලුම පරිශීලකයින්ට කිසියම් වෙනස් කිරීම් ගැන (ඔබ ඉ-තැපැල් ලබා ගැනීමට තෝරා ඇතුළු වී සිටින්නේ නම්) ඉ-තැපෑලෙන්; වෙබ් අඩවි ශීර්ෂකයේ දැන්වීමකින්; වෙබ් අඩවියේ පුවත් කොටස තුළ දැන්වීමකින් දැනුම් දෙමු.


අප සම්බන්ධ කර ගැනීම

මෙම ප්‍රතිපත්තිය හෝ අපි ඔබ පිළිබඳව තබා සිටින තොරතුරු ගැන ඔබට කිසියම් ප්‍රශ්න තිබේ නම්, අප සම්බන්ධ කර ගත යුතු ආකාරය:

ඉ-තැපෑල:privacy@isotis.org

ප්‍රධාන සම්බන්ධතා පුද්ගලයා වන Dr. Andrea Mangiatordi පදනම් වී සිටින්නේ University of Milano-Bicocca, piazza dell’Ateneo Nuovo 1, 20126 Milan - Italy හි ය.