3b - Tips to give your bilingual child the best language input!


ඔබේ ද්විභාෂික ළමයාට හොඳම භාෂා ආදානය ලබා දීමට ඉඟි!

ඉංග්‍රීසි සහ අරාබි කථා කරන මුහම්මද්, සහ ස්පාඤ්ඥ සහ ඉංග්‍රීසි කථා කරන පැබ්ලෝ වැනි ද්විභාෂික ළමයින් පවුලේ සාමාජිකයින්, ගුරුවරුන්, මිතුරු මිතුරියන් සහ පොත්පත් වැනි විවිධ මූලාශ්‍රවලට අනාවරණ වීමෙන් තම භාෂා දෙකම ඉගෙන ගනිති. නමුත් ඔබට ද්විභාෂික ළමයින් හොඳම භාෂා ආදානයට අනාවරණ කළ හැක්කේ කෙසේද?

පළමු ඉඟිය මුහම්මද් වැනි ළමයින්ට ඉංග්‍රී සහ අරාබි යන දෙකෙන්ම හැකි තරම් වැඩි වශයෙන්, බොහෝ දුරට දෛනික වශයෙන්...සහ ඔහුගේ ජීවිතයේ පළමු දිනයේ සිට කථා කිරීමයි.

මව: මගේ පුතා!

සීයා: පිළිගනිමු!

මුහම්මද් වැනි සමහර ද්විභාෂික ළමයින් ඔවුන් නිවසේ කථා කරන භාෂාව ඔවුන් පාසලේ කථා කරන භාෂාවට තරම් වැදගත් නොවන බව සිතිය හැක; ඔවුන් තම නිවසට පිටතින් තම නිවසේ භාෂාව කථා කිරීමටත් ලැජ්ජා විය හැක.

මුහම්මද් (ඉංග්‍රීසියෙන්): මෙය මගේ චිත්‍රය.

ඉතිං දෙවන ඉඟිය ගුරුවරුන් සහ මාපියන් මුහම්මද්ට අරාබි ඉගෙන ගැනීමටත් කථා කිරීමටත් පොලඹවිය යුතු අතර ඔහුට සහ ඔහුගේ පන්තියේ මිතුරන්ට කිසිම භාෂාවක් වෙනත් භාෂාවකට වඩා හොඳ නොවන බව තේරුම් කළ යුතු බවයි.

ගුරුවරයා: ඒක අරාබියෙන් ඉදිරිපත් කරන්න

මුහම්මද් (අරාබියෙන්): මෙය මගේ චිත්‍රය.

ගුරුවරයා: ඔබේ පන්ති මිතුරන් අරාබි ටිකක් ඉගෙන ගත යුතුයි.

ගුරුවරුන් දෙමාපියන්ට ඔවුන්ගේ ළමයින් සමඟ ඔවුන්ගේ නිවසේ භාෂාවෙන් කථා කිරීමට පොලඹ විය යුතු අතර ඔවුන් බහුතරයේ භාෂාව පාසලේ ඉගෙන ගන්නා බැවින් එම භාෂාවෙන් කථා කිරීමට කිසිම අවශ්‍යතාවක් නොමැති බව විදහා දැක්විය යුතු ය.

ගුරුවරයා: මාපියන් තම ළමයින් සමඟ අරාබියෙන් කථා කළ යුතු ය.

මුහම්මද්ගේ මව: ස්තුතියි.

ළමයින්ට කථා කරන විට ඔවුන්ගේ පළමු භාෂාව භාවිත කිරීමෙන්, මාපියන් ඔවුන්ව ස්වකීය උච්චාරණයක් සමඟ අර්ථ සහ හැඟීම් රාශියක් හෙළි කර ගුණවත් ආදානයට අනාවරණ කරති.

තෙවන ඉඟිය පැබ්ලෝට භාෂා දෙකෙන්ම කියවීමට පොලඹ වන අතර ඔහුට කතන්දර කියවා පෙන්වීම වෙයි. පැබ්ලෝ ස්පාඤ්ඤ භාෂාවෙන් කියවීමට ඉගෙන ගන්නේ නම්, ඔහු වඩා හොඳට ස්පාඤ්ඤ භාෂා කථා කරයි …එමෙන්ම අනෙක් එකත් සිදු වෙයි! මෙය ඉංග්‍රීසියටත් අනෙකුත් සියලුම භාෂාවලටත් සත්‍යයි.

හතර වෙනි ඉඟිය පැබ්ලෝ විවිධ කථා කරන්නන් සහ භාෂා මූලාශ්‍ර (පොත්, චිත්‍ර කතා, චිත්‍රපටි, රූපවාහිනී වැඩසටහන්...) වෙත අනාවරණ වීමයි. ඔහුගේ භාෂා වර්ධනයට විවිධ ආදානය වැදගත් වෙයි.

මුහම්මද්ගේ මව මුහම්මද්ට අරාබියෙන් කථා කර මුහම්මද්ට ඔහුගේ දෙවන භාෂාව ස්වකීය කථා කරන්නන් සමඟ කථා කිරීමට ඉඩ දෙන්නේ නම් එය සැම විටම හොඳමයි.

මුහම්මද්ගේ මව (අරාබියෙන්): ගෙදර යමු!

මුහම්මද් (අරාබියෙන්): හරි!

ස්වකීය නොවන ආදානය ස්වකීය ආදානයට තරම් භාෂා ඉගෙනීමට හොඳ නැත. කෙසේ වෙතත්, මුහම්මද් සමහර විට ඔහුගේ මව අරාබි නොවන භාෂාවකින් කථා කිරීමට සවන් දෙන්නේ නම්, එය ඔහුගේ භාෂා ඉගෙනීමට ගැටලුවක් නොවේ.

මුහම්මද්ගේ මව (ඉංග්‍රීසියෙන්): ඔබට අයිස්ක්‍රීම් එකක් ඕනෑද?

මුහම්මද් (ඉංග්‍රීසියෙන්): සැබැවින්ම!

නිගමනයක් වශයෙන්, රහස වන්නේ මුහම්මද් සහ පැබ්ලෝ යන අය භාෂා දෙකේම හොඳ තුලනයකට නිතරම අනාවරණ කිරීමයි. විවිධ (සාමාන්‍යයෙන් ස්වකීය!) කථා කරන්නන් සහ විවිධ සන්දර්භවල විවිධ භාෂා අත්දැකීමක් හොඳ ප්‍රතිඵල ලබා දෙයි. එය ළමයින් සියලුම භාෂා ප්‍රවර්ධන කෙරෙන පරිසර තුළ වැඩෙන අතර ඒවායේ අලංකාරය සහ අර්ථවල සහ ශබ්දවල සාරවත් බව ගවේෂණ කරමින් ඒවා ඉගෙන ගැනීමට පොලඹ වනු ලැබීම ද වැදගත් වන්නේ ය.

අවසන් වරට නවීකරණය කරන ලද: Sunday, 9 June 2019, 3:34 PM