8 - වඳ වන්නේ ඩයිනොසෝර් පමණක් නොවේ! භාෂා කිහිපයක් නැති වී යාම අපට වැළැක්විය හැක්කේ කෙසේද?






වඳ වන්නේ ඩයිනොසෝර් පමණක් නොවේ! භාෂා කිහිපයක් නැති වී යාම අපට වැළැක්විය හැක්කේ කෙසේද?
මයිකල් ඉපදුණේ ඉතාලියේ ය. ඔහුගේ මාපියන් පිලිපීනයෙන් ආ අය වන අතර ඔවුන් එකිනෙකාට තගාලොග් භාෂාවෙන් කථා කරන අතරතුර ඔහුට අනෙකුත් ළමයින් සමඟ අපහසුතා ඇති වීම වැළැක්වීමට ඔවුන් ඔහු සමඟ ඉතාලි භාෂාවෙන් පමණක් කථා කිරීමට තීරණ කළෝය.
මයිකල්ගේ මව (තගාලොග් භාෂාවෙන්) මයිකල් මේ දැන් පැමිණියා
මයිකල්ගේ පියා (තගාලොග් භාෂාවෙන්) හොඳමයි!
මයිකල්ගේ පියා (ඉතාලි භාෂාවෙන්) ගෙදර එන්න!
මයිකල්ගේ මව (ඉතාලි භාෂාවෙන්) පාසල කොහොමද?
මයිකල්ට තගාලොග් තේරෙන නමුත් ඔහු එය කථා කරන්නේ නැත.

මයිකල්ගේ මව (තගාලොග් භාෂාවෙන්) ඔයාට තව ටිකක් කන්න ඕනද?
මයිකල්ගේ පියා: ඔව්, තව ටිකක්
මයිකල් (ඉතාලි භාෂාවෙන්): මටත්!
සමහර විට, ඉතා වෙනස් හේතු නිසා, සමහර භාෂා අහක දැමෙන අතර මාපියන් ඒවා තම ළමයින්ට නොදීමට තෝරා ගනිති[a1]. මෙම ක්‍රියාවලිය, දිගු සහ විශාල මට්ටමෙන්, අපගේ පෘථිවියේ භාෂා භේදයට තර්ජන කරයි.
(විවිධ භාෂාවල): හායි.

ලෝකයේ 7,000 කට අධික භාෂා කථා කරනු ලැබේ.
ඉතාමත් ව්‍යාපිත ඒවා වන්නේ මැණ්ඩරල් චීන, හින්දි-උර්දු සහ ඉංග්‍රීසි, ස්පාඤ්ඤය සහ අරාබි යන ඒවා ය.
ලෝකයේ විශාල භාෂා බහුතරයකට සිටින්නේ කථා කරන්නන් කිහිප දෙනෙක් පමණයි!
චීන මිලියන 902 ක්
හින්දි-උර්දු මිලියන 457 ක්
ඉංග්‍රීසි - මිලියන 384 ක්
ස්පාඤ්ඤ - මිලියන 366 ක්
අරාබි: මිලියන 254 ක්,
තගාලොග්: මිලියන 23 ක්
දිර්බාල්: 28 දෙනෙක්

ලෝක ජනගහනයේ 4% දෙනෙක් ලෝකයේ භාෂාවලින් 60% ක් කථා කරති!

භාෂා බොහොමයක් නැති වී යාමේ අවදානයේ තිබේ. සතුන් හෝ ශාක මෙන්ම, භාෂාවක් විගසින් නොව අනුක්‍රමයෙන් නැති වී යයි.
එය භාවිත කෙරෙන සන්දර්භ සංඛ්‍යාව අඩු වෙයි: උදාහරණයක් වශයෙන්, පළමුව භාෂාවක් නිවස සහ පාසල යන දෙකේම භාවිත කෙරෙන අතර ඉන් පසුව නිවසේ පමණක් භාවිත කෙරේ.
නැති නම් කථා කරන්නන්ගේ සංඛ්‍යාව අඩු වෙයි: කාලයක් ගත වන විට භාෂාවක් ළමයින්ට උගන්වනු නොලැබේ, ඔවුන්ට එය තේරෙන නමුත් ඔවුන්ට එය කථා කිරීමට නොහැකි විය හැක.

නැති නම් දේශපාලන හේතු නිසා: දකුණු ඇමරිකාවේ සහ අප්‍රිකාවේ යටත්විජිත කාලය හෝ යුරෝපීය රටවල නිර්මාණය වැනි සමහර ඓතිහාසික කාල පරිච්ඡේදවල භාෂාව බොහොමයක් අත්හරිනු ලැබූ අතර ඉංග්‍රීසිය සහ ස්පාඤ්ඤ භාෂාව බලයට පත් කරනු ලැබීය. ඇමරිකානු ඉන්දීය භාෂාවක් වන ක්ලල්ලම් දැන් වඳ වී ගිය භාෂාවක් ලෙස සැලකේ.
ක්ලල්ලම් ගැහැනිය (ක්ලල්ලම් භාෂාවෙන්): ලෝකය
ක්ලල්ලම් මිනිසා (ක්ලල්ලම් භාෂාවෙන්): සඳ
ක්ලල්ලම් ගැහැනිය (ඉංග්‍රීසියෙන්): ලෝකය
ක්ලල්ලම් මිනිසා (ඉංග්‍රීසියෙන්): සඳ

භාෂා සියල්ලම ඒවා කථා කරන මිනිසුන්ගේ සන්නිවේදනය සහ තේරුම් ගැනීම සඳහා වන වටිනා මෙවලම් වෙති. ග්‍රීන්ලන්ත භාෂාව කථා කරන අගා ජීවත් වන්නේ උත්තර ධ්‍රැවයේ ය, ඇය තම භාෂාවේ හිම සඳහා වචන රාශියක් දැන සිටියි. උදාහරණයක් වශයෙන්, “කනිපලාට්” යනු සිනිඳු හිම වැටීම වන අතර “අපුසිනික්” යනු ගොඩ ගැසෙන හිම වෙයි. බොහෝ අනෙකුත් භාෂාවල තිබෙන්නේ එකම එක වචනයක් පමණයි!
අගා (ග්‍රීන්ලන්ත භාෂාවෙන්): සිනිඳු හිම
අගා (ග්‍රීන්ලන්ත භාෂාවෙන්): ගොඩ ගැසෙන හිම

අපට අපි ශාක, පරිසර පද්ධති සහ සත්ත්‍ව විශේෂ ආරක්‍ෂා කිරීම මෙන්ම ලෝකයේ භාෂා සියල්ල රැක ගැනීමටත් ආරක්‍ෂා කිරීමටත් හැකි වන්නේ කෙසේද?

සියල්ලටම පළමුව, අපි දන්නා භාෂා සහ ප්‍රාදේශීය වහර සියල්ල කථා කර අපගේ ළමයින්ටත් මුණුපුරු ළමයින්ටත් ලබා දීමයි.

මයිකල්ගේ මව (තගාලොග් භාෂාවෙන්): පාසල කොහොමද?
මයිකල් (තගාලොග් භාෂාවෙන්): මට පාසලේ හොඳ දවසක් තිබුණා
මයිකල්ගේ ගුරුවරිය (ඉතාලි භාෂාවෙන්): ස්තුතියි
මයිකල්ගේ පියා (තගාලොග් භාෂාවෙන්): හායි!

දෙවනුව, අපි දන්නා සියලුම භාෂා කථා කර, සෑම භාෂාවක්ම සඳහා ඉඩක්, මොාහතක් සහ සුදුසු අවස්ථාවක් පවත්වා ගැනීමෙන්.

තනි භාෂික මාපියන් දෙදෙනෙකුට උපත් දරුවෙකුට අනෙකුත් භාෂා ඉගෙන ගත හැක. වැඩිපුර භාෂා ඉගෙන ගැනීම ලෝකයේ සාරවත් අත්දැකීමකට මඟ පෙන්වයි: කථා කිරීමට වැඩිපුර වචන, කථා කිරීමටත් සවන් දීමටත් වැඩිපුර පුද්ගලයින්.

පෝල්: ‘මට මගේ ඉතාලි මිතුරන් සමඟ කථා කළ හැක!’
මාරී: ‘මට අරාබි තේරෙනවා’
ඇණ්ඩ්‍රෙයස්: ‘මම චීන ඉගෙන ගන්නවා’
මයිකල්ටත් ඉතාලි භාෂාව සමඟ ඉංග්‍රීසිය ද සමඟ තගාලොග් කථා කළ හැකි නම් හොඳයි! මේ ආකාරයෙන්, මයිකල් තම භාෂාව සහ ලෝකයේ භාෂා හේදය රැක ගැනීමට ද දායක වෙයි.
මයිකල්: මම තගාලොග්, ඉංග්‍රීසි සහ ඉතාලි කථා කරනවා


අවසන් වරට නවීකරණය කරන ලද: Saturday, 20 July 2019, 6:22 PM