5 - මේ ලෝකය සාධාරණද? යුක්තිය සඳහා සම්බන්ධ වන්න!

පෙර දශක කිහිපය තුළ, ලෝකය වේගවත් ආකාරයකින් වෙනස් වී ඇත. කෙටි කලකට පෙර දක්වා, ඔබට ලෝකයේ අනෙකුත් පැත්තේ සිටින මිතුරෙකු සමඟ සන්නිවේදන කිරීමට අවශ්‍ය වූයේ නම්, ඔබ ලියුමක් යවයි, එය ලැබීමට සති ගණන් ගත විය හැක! 

දැන් එය වෙනස්. ලෝකය පුරාම සිටින මිනිසුන් එකිනෙකා සමඟ ඉතා පහසුවෙන් සම්බන්ධ වී සිටිති. ඔබට ඉකුවඩෝරයේ කෙසෙල් ගෙඩියක් කාලා දිනය ආරම්භ කර, ලෝකයේ අනෙකුත් පැත්තේ සිටින මිතුරෙක් සමඟ කථා කරමින් දිනය අවසන් කළ හැක: ඔබ යුරෝපයේ ජීවත් වන්නේ නම්, ඔබේ මිතුරා ඕස්ට්‍රේලියාවේ සිටිය හැක! මෙය අපගේ ජීවිතවල විශිෂ්ට වෙනසකි: මුළු ලෝකයම අතර වැඩි තොරතුරු, වැඩි සන්නිවේදන, වැඩි හුවමාරු කිරීම්. අපි මෙය හඳුන්වන්නේ ‘අන්තර්පරායත්තතාව’ ලෙසයි.” 

අන්තර්පරායත්තතාව හේතුවෙන්, ලෝකයේ ප්‍රශ්න විසඳීම තවත් අපහසුයි. අපි සියලු දෙනාම අන්තර්සම්බන්ධතාවේ සිටින බැවින්, ලෝකයේ එක කොටසක් (ආහාර, කාර් රථවල තෙල් වැනි) සම්පත් වැඩිම වශයෙන් භාවිත කරන්නේ නම්, ලෝකයේ අනෙකුත් කොටසන්වලට ප්‍රමාණවත් තරමට නැති වෙයි. දිළිඳු බව සහ අසමානතා යනු දේශීය ප්‍රශ්න පමණක් නොව, ගෝලීය ප්‍රශ්න ද වී ඇති අතර සියලු දෙනාම සහයෝගයෙන් ඒවා විසඳීමට අවශ්‍යයි.

දැනට ළමයින් මිලියන 30ක් ලෝකයේ ධනවත්ම රටවල් තුළ දිළිඳන් ලෙස වැඩෙති. ඔවුන්ගේ මාපියන්ට ආහාර, ඇඳුම්, නිවාස පහසුකම්, සෙල්ලම් බඩු සහ පාසල් ද්‍රව්‍ය සඳහා ප්‍රමාණවත් මුදල් නොතිබිය හැක.

ඒයි, ඒක සාධාරණ නොවේ! අපි මෙම තත්ත්‍වය වෙනස් කළ යුතුයි! දැඩි අසමානතා සහ දිළිඳු බව අවසන් කිරීමට නව කාර්ය අවශ්‍යයි. අපි සියලු දෙනාටම එදිනෙදා කාර්ය හරහා වෙනස්ව ජීවත් විය හැක. අපි දිළිඳුකමට සහ අසමානතාවලට වඩා ගෞරවය සහ සමානතාව තෝරා ගත යුතු ය.

සමහර පුද්ගලයින් ප්‍රජා, පවුල් සහ ළමයින් සඳහා ලෝකය වඩා හොඳ තැනක් කිරීමෙහි ක්‍රියා කිරීමට දැනටමත් පටන් ගෙන ඇත! රටවල් 193ක නායකයින්ගෙන් යුත් ජාත්‍යන්තර සංවිධානයක් වන එක්සත් ජාතීන් 2030 වන විට වඩා හොඳ ලෝකයක් බිහි කිරීමට අරමුණු 17කට එකඟ වී ඇත. 

10 වෙනි අරමුණ අසාමනතා අඩු කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන් අවධානය යොමු කරන අතර, ලෝකය පුරා සිටින සියලු දෙනාටම ගෞරවනීය ජීවිතයක් තිබිය යුතු යැයි ප්‍රකාශ කරයි. මෙය මානව අයිතිවාසිකමකි, එනම් සියලු දෙනාටම ඇති අයිතියකි. එවැනි අයිතිවාසිකම් මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය තුළ ලියවී ඇත, එය 500කට අධික භාෂා වෙත පරිවර්තන කරනු ලැබ ඇත. එය 1948 වසරේ රටවල් 48ක් විසින් පිළිගෙන ඡන්දය ප්‍රකාශ කරනු ලැබූ ජාත්‍යන්තර නීතියකි. මේ කාලයේ, මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ මූල ධර්ම 90කට අධික රටවල නීති තුළ කාවැද්දී ඇත.

දැන් සියලු දෙනාම සඳහා වඩා හොඳ අනාගතයක් කෙරෙහි ක්‍රියා කිරීම රාජ්‍ය, පාසල් සහ ප්‍රජා යන අප සියලු දෙනාගේම අත්වල තිබේ. අපි 2030 වන විට ගෝලීය අරමුණු ඉටු කර ගන්නා බව තහවුරු කිරීමට අප සියලු දෙනාම උදවු කළ හැක.

නමුත්, ළමුන් සහ පාසල් කුමක් කළ හැකිද? පාසල්වලට මෙලෙස වඩා හොඳ සහ වඩා යුක්තිගරුක ලෝකයක් නිර්මාණ කිරීමට උදවු කළ හැක:

පියවර 1. දිළිඳුකමට සහ අසමානතාවට හේතු ගැන ‌ඉගෙන ගැනීමට පටන් ගන්න.

පියවර 2. ඔබේ පාසලේ සහ විශාල ප්‍රජාව තුළ ඇති ප්‍රශ්න හඳුනා ගෙන ඒවාට විසඳුම් සෙවීමට එක් වී ක්‍රියා කරන්න. උදාහරණයක් වශයෙන්, ඔබට ඔබේ පාසල් දිස්ත්‍රික්කය තුළ දිළිඳුකම ගැන පන්තිකාමර විවාදයක් පැවැත්විය හැක. 

පියවර 3. ඔබෙන් වෙනස් වන පුද්ගලයින්, උදාහරණයක් වශයෙන්, වෙනත් තැන්වල ජීවත් වන හෝ වෙනත් වයසැති පුද්ගලයින් සමඟ අදහස් බෙදා ගන්න. ඔබ අන් අය සමඟ අන්තර්ක්‍රියාවේ යෙදෙන විට, විවිධ අදහස් අගය කිරීමට ඉගෙන ගන්න. 

පියවර 4. ඔබේ පාසල සහ සමාජය තුළ අසාධාරණ තත්ත්‍ව වෙනස් කිරීමට ක්‍රියා කිරීමට පටන් ගන්න! 

ඔබට ඔවුන්ගේ භාෂාවලින් සංඥා තැබීම ලෙස අලුතින් පැමිණි සිසුන්ට ඔබේ පාසල තවත් පිළිගැනීමකින් යුත් එකක් කිරීමට ක්‍රියාමාර්ග යෝජනා කළ හැක. 

සියලු දෙනාම සඳහා වඩා හොඳට යුක්තිය, සමානතාව සහ මානව අයිතිවාසිකම් සහිත ලෝකයක් නිර්මාණ කිරීමෙහි සියලු දෙනාම කොටසක් විය හැක.

අවසන් වරට නවීකරණය කරන ලද: Monday, 27 May 2019, 10:59 AM