7b - පාසලේ බහුභාෂිකත්වය තනිභාෂිකත්වයට වඩා හොඳයි!#2 පාසලේ උපාය මාර්ග: භාෂා දැනුවත්කම

භාෂා දැනුවත්කම යනු පාසලේ බහුභාෂිකත්වය ප්‍රවර්ධන කිරීමට බලාපොරොත්තු වන තවත් ඉගෙන්වීම් ප්‍රවේශයකි. එය ශිෂ්‍යයින්ට දන්නා සියලුම භාෂා සම්බන්ධ කර ගනියි: ඔවුන්ගේ මව්/නිවසේ භාෂා, පාසලේ උගන් වනු ලබන විදෙස් භාෂා, (උපභාෂා වැනි) ප්‍රදේශයේ කථා කරනු ලබන වෙනත් භාෂා, (සංඥා භාෂාව හෝ බ්‍රෙයිලි වැනි) ශාරීරික භාෂාව හෝ වෙනත් සන්නිවේදන ප්‍රකාර. මෙහි තේරුම ගුරුවරුන් මේ සියලුම භාෂා දැන ගෙන ඉගැන්විය යුතු යැයි අපේක්‍ෂා කෙරෙන බව නොවේ!

භාෂා දැනුවත්කම සියලුම භාෂාවලට එකම අගය තිබේ යන කරුණ උද්දීපන කරයි.

සුවේසුවේ: මට ඉංග්‍රීසිත් චීනත් කථා කරන්න පුළුවනි.

ෆාතිමා: මට අරාබිත් ප්‍රංශත් කථා කරන්න පුළුවනි.

මාරී: මට ප්‍රංශ විතරක් කථා කරන්න පුළුවනි.

භාෂාවලින් එකක ළමයින්ගේ දක්‍ෂතාව සීමිත වන්නේ වූවත්, විවිධ භාෂාවලින් සන්නිවේදන කිරීමට හැකි වීම මේ දවස්වල විශිෂ්ට ප්‍රයෝජනයකින් යුත් එකකි. වෙනත් භාෂාවකින් යම් දෙයක් තේරුම් ගැනීමේ, කථා කිරීමේ, කියවීමේ හෝ ලිවීමේ හැකියාව තවත් ප්‍රයෝජනවත් වෙයි.

භාෂා දැනුවත්කමේ ආරම්භක ලක්‍ෂ්‍යය විය යුත්තේ ශිෂ්‍යයින්ගේ භාෂා භාවිත වෙති, එනම් සෑම ශිෂ්‍යයෙක් විසින්ම කථා කරනු ලබන භාෂා වෙති, ඒවා කල්පනා කිරීමේ සහ ඉගෙනීමේ අවධාන වෙති.

භාෂා දැනුවත්කම ප්‍රවර්ධන කිරීමට, ගුරුවරුන්ට කළ හැක්කේ:

ශිෂ්‍යයින් කථා කරන විවිධ භාෂා ගැන විවෘතව කථා කිරීම;

ගුරුවරයා: විවිධ භාෂා වැදගත් ඒවා වෙති.

2. විවිධ භාෂා ගැන සිතා බලා ඒවා අතර ඇති වෙනස්කම් සහ සමානතා සංසන්දන කිරීමට ළමයින් පොලඹවන්න;

ගුරුවරයා: ප්‍රංශ සහ අරාබි භාෂා අතර වෙනස්කම් මොනවාද?

3. සියලුම භාෂා කෙරෙහි ධනාත්මක මනෝභාව පොලඹවන්න;

ගුරුවරයා: චීන භාෂාව ඉතාම සිත්ගන්නා එකක්.

4. අපි භාෂා භාවිත කරන සහ ඉගෙන ගන්නා මාර්ග ගැන සිතා බලන ලෙස ශිෂ්‍යයින්ට කියන්න.

ගුරුවරයා: ඔබ ප්‍රංශ භාෂාවෙන් කථා කරන්නේ කුමන අවස්ථාවේද?

පන්තියේ ගුරුවරුන්ට කළ හැකි ක්‍රියාකාරකම්වලට ඇතුළු විය හැක්කේ:

විවිධ භාෂාවල පටිගත කිරීම්වලට සවන් දීම,

2. විවිධ භාෂා තුළ ඔවුන්ගේ දක්‍ෂතා ගැන කථා කරන ලෙස ශිෂ්‍යයින්ට කීම

3. ශිෂ්‍යයින්ට තම භාෂා භාවිත ගැන එකිනෙකාගෙන් අසා දැන ගැනීමට ඉඩ සැලසීම.

ඒවා සම්ප්‍රදායික මාර්ගයකින් ඉගෙන්වීමේ අවශ්‍යතාවක් නොමැතිව, ශිෂ්‍යයින් කථා කරන සියලුම භාෂා විෂයමාලාවට ඇතුළත් කර ගැනීමට ගුරුවරුන් වග බලා ගත යුතු ය. උදාහරණයක් වශයෙන්, පාසල් පරිසරය තුළ සංඥා සහ දැන්වීම් විවිධ භාෂාවලින් සංදර්ශන කළ හැක, (පොත්පත් වැනි) සම්පත් විවිධ භාෂාවලින් ලද හැකි කළ හැක.

ළමයින් කණ්ඩායම: පාසලේ අපට අපගේ නිවසේ භාෂාව කථා කිරීමටත් විවිධ භාෂා බොහොමයක් ඉගෙන ගැනීමටත් හැකි ය!

ඇණ්ඩ්‍රෙයස්: මගේ පාසල බහුභාෂික වීම ගැන මම සතුටු වෙනවා!

අන්තර්භාෂාකරණය සහ භාෂා දැනුවත්කම වැනි ඉගෙන්වීමේ ප්‍රවේශ නිවසේ විවිධ භාෂා කථා කරන ළමයින්ට පාසලේ පිළිගැනීමක් සහ මෙම භාෂා තුළ තම දක්‍ෂතා ගැන කථා කරන විට පහසුවත් හැඟීමට ඉඩ සලසති. බහුභාෂිකත්වය ප්‍රවර්ධන කරන ක්‍රියාකාරකම්වලට සහභාගී වීමෙන්, එක භාෂාවක් පමණක් කථා කරන ශිෂ්‍යයින්ට විවිධ භාෂා සහ සංස්කෘති ගැන බොහෝ දුරට දැන ගැනීමට පමණක් නොව, බහුභාෂික සමාජයක් තුළ ජීවත් වීම ගැන ආවධානය සහ විදෙස් භාෂා පිළිබඳ උනන්දුවක් ලබා ගැනීමට ද ඉඩ සලසයි.

අවසන් වරට නවීකරණය කරන ලද: Monday, 27 May 2019, 11:01 AM