4 - දෙවන භාෂාව ඉගෙන ගැනීමේ පියවර 4


මිසරයෙන් ආ යාස්මින් ජර්මනියට පැමිණ ඇත්තේ මේ දැන්. දැන් ඇය ජර්මානු භාෂාව ඉගෙන ගත යුතු ය.

දෙවන භාෂාවක් ඉගෙන ගන්නා සියලුම ළමයින් මෙන් ම, යාස්මින් ප්‍රධාන භාෂා පියවර 4ක් හරහා ගමන් කරයි.

පළමු භාෂා පියවර “නිවසේ භාෂාව භාවිත කිරීම” වෙයි. පළමුව, ඇය අවට සිටින පුද්ගලයින්ට එය කථා කළ නොහැකි නමුත් ඇය අරාබියෙන් කථා කිරීමට උත්සාහ කරයි.

යාස්මින්: හායි! (අරාබියෙන්)


අනෙකුත් පුද්ගලයින්ට ඇයව තේරුම් ගත නොහැකි බව ඇය ඉක්මනින් වටහා ගන්නා බැවින් මෙම පියවර වැඩි කලක් නොපවතියි.

දෙවෙනි භාෂා පියවර නිහඬ කාලය වෙයි. පසුව යාස්මින් නිහඬ කාලයට ඇතුළු වන අතර, ඇය තවමත් ජර්මානු භාෂාව තේරුම් ගැනීමට උත්සාහ කරන බැවින් කථා නොකරයි. ඇය ඇණ්ඩ්‍රෙයස් සමඟ අභිනයවලින් සන්නිවේදන කිරීමට උත්සාහ කරයි.

ඇණ්ඩ්‍රෙයස්: ඔයාට වතුර ටිකක් ඕනද? (ජර්මානු භාෂාවෙන්)

උටේ: ඔයාට මං එක්ක සෙල්ලම් කරන්න ඕනද? (ජර්මානු භාෂාවෙන්)


යාස්මින් තමාම ජර්මානු භාෂාව පුහුණු වීමට උත්සාහ කළ හැක, නමුත් ඇය ඇණ්ඩ්‍රෙයස් සහ අන් අය සමඟ සන්නිවේදන කිරීමට එය භාවිත නොකරයි. යාස්මින් වැඩි කලකට කථා නොකරයි යන කරුණ අප කනගාටු නොකළ යුතු ය: ඇයටම නව භාෂාවක් භාවිත කළ හැකි වීමට පෙර එය ‌ඉගෙන ගැනීමට ඇයට කාලය අවශ්‍යයි.

ක්‍රිස්ටියන්: ඔයා කොහෙන්ද ආවේ? (ජර්මානු භාෂාවෙන්)

නිහඬ කාලය සාමාන්‍යයෙන් මාස 2ක් සහ 6ක් අතර වෙයි.


තෙවන පියවර කෙටි කථන පියවර වෙයි. මෙම අදියරේදී, යාස්මින් “සුබ උපන් දිනයක්” වැනි කෙටි සූදානම් වාක්‍ය භාවිත කරයි.

යාස්මින්: සුබ උපන් දිනයක්! (ජර්මානු භාෂාවෙන්)

ඇණ්ඩ්‍රෙයස්: ස්තුතියි! (ජර්මානු භාෂාවෙන්)


අවසානයේදී යාස්මින්ට ඇණ්ඩ්‍රෙයස්, ඇයගේ පන්තියේ මිතුරු මිතුරියන් සහ ගුරුවරුන් සමඟ අන්තර්ක්‍රියාවේ යෙදිය හැකි බැවින්, මෙය දෙවන භාෂාව ඉගෙන ගැනීමේ වැදගත් පියවරකි.

අවසාන පියවර අන්තර්භාෂාව ලෙස හැඳින් වෙයි. යාස්මින්ට දැන් ජර්මානු භාෂාවෙන් සන්නිවේදන කළ හැක; ඇයට තවමත් ගොඩක් වැරදි සිදු වෙයි, නමුත් අවසානයේදී ඒවා නැති වී යයි.

යාස්මින්: මම තවත් වතුර? (ජර්මානු භාෂාවෙන්)


අපි සියලු දෙනාම දන්නා පරිදි, භාෂාවක් ඉගෙන ගැනීමට කාලය සහ ප්‍රයත්නය අවශ්‍යයි: අන් අය සමඟ හොඳින් සන්නිවේදන කළ හැකි වීමට එම භාෂාව කථා කරන පුද්ගලයින්ට 1 වසරක් සිට වසර 3ක් දක්වා සවන් දීම අවශ්‍යයි

...පාසලේදී අපහසු සංකල්ප ඉගෙන ගැනීමට ඉඩ දෙන භාෂා මට්ටමකට ළඟා වීමට අවුරුදු 5ක් සිට 7ක් දක්වා ගත වෙයි.

යාස්මින්: සෙල්ලම් කරමු! (ජර්මානු භාෂාවෙන්)

ඇණ්ඩ්‍රෙයස්: හොඳ අදහසක් (ජර්මානු භාෂාවෙන්)

ක්‍රිස්ටියන්: ඒක විනෝදයක්! (ජර්මානු භාෂාවෙන්)


ඉවසීමෙන් සිටින්න, කනගාටු නොවන්න: ළමයින් නව භාෂාවක් අල්ලා ගැනීමෙහි ඉතා දක්‍ෂයි!

ළමයින් තම දෙවන භාෂාවේ අන් අය සමඟ පහසුවෙන් සන්නිවේදන කළ හැකි පියවරකට ළඟා වී සිටින විටෙක වූවත්, ඔවුන්ට වැඩි කලකට සහය දෙමින් සිටින්න, එවිට ඔවුන්ට සියලුම විෂයවල් ඉගෙන ගැනීමට අවශ්‍ය භාෂා දක්‍ෂතා ලබා ගත හැකි වෙයි.

ක්‍රිස්ටියන්: ඔබ ඉතා හොඳයි. (ජර්මානු භාෂාවෙන්)

යාස්මින්ගේ පියා: එසේම කරන්න, එය විශිෂ්ටයි! (අරාබියෙන්)

යාස්මින්ගේ මව: අපි ඔබ ගැන ආඩම්බර වෙමු! (අරාබියෙන්)

අවසන් වරට නවීකරණය කරන ලද: Sunday, 9 June 2019, 3:39 PM