9 - අනෙකුත් කණ්ණාඩිවලින් ලෝකය බැලීම! සංස්කෘතික වැරදි වැටහීම තේරුම් ගන්නා ආකාරය

අනෙකුත් කණ්ණාඩිවලින් ලෝකය බැලීම! සංස්කෘතික වැරදි වැටහීම තේරුම් ගන්නා ආකාරය

1. ඉතාලියේ විශාල නගරයක පෙරපාසල් ගුරුවරියක් වන ඇනා තම පාසලේ විවිධ සංස්කෘතික පසුබිම් තිබේ යන කාරණාව ප්‍රිය කරයි. 

ඇනා: මම මගේ පන්තියට කැමතියි!

නමුත් සමහර විට, සමහර හැසිරීම් සම්බන්ධයෙන් කුමක් සිතිය යුතුද සහ කෙසේ කටයුතු කළ යුතුද යන්න ඇය නොදනියි… .


2. නයිජීරියාවේ මවක් වන අමීනා සාමාන්‍යයෙන් තම දැරිය ලතීෆා එක් කර එන්නේ උදේ ඉතාමත් ප්‍රමාද වී ය.

ඇනා: හරි පරක්කුයි!

තම සගයන්ට කථා කරන විට, ඇනා පවසන්නේ අමීනා හොඳ මවක් වන නමුත් ඇය ඇයගේ ළමයාගේ අවශ්‍යතාවලට සහ පාසලේ කාල සටහනට, විශේෂයෙන්ම උදේන චක්‍ර-කාලයට ප්‍රමාණවත් ලෙස ගරු කරන්නේ නැති බවයි.

ඇනා: ඇය ගණන් ගන්නවාද?


3. නමුත් දේවල් අනෙක් පැත්තෙන් බැලීමට උත්සාහ කරමු!  

අමීනාට කිසි විටෙක පෙරපාසල් අත්දැකීමක් තිබී නැත. ඇය වැඩුණේ ගම්බඳ ග්‍රාමයක වන අතර එහි ළමයිහු නිවසේ රැඳී සිටියහ, නැති නම් පාරේ ක්‍රීඩා කළහ: කාල සටහන් නැත, චක්‍ර-කාල නැත!

4. ඇතුළත් වන වේලව සහ චක්‍ර-කාලය ගැන වැඩිදුර අවධානය යොමු කරන ලෙස ඇනා කී විට, අමීනාට තේරුණේ නැති නමුත් ඇය ප්‍රශ්න ඇසීමට ධෛර්ය වූයේ නැත. ඇයගේ රටේ ගුරුවරියකගෙන් ප්‍රශ්න ඇසීම ගෞරවනීය නොවේ.

ඇනා: නිසි වේලාවට පැමිණීමට උත්සාහ කරන්න.

අමීනා (කල්පනා කරයි): ඇය මාව නරක ආකාරයකට සිතන්නේද?

5. අවුරුදු 5ක නිවුන් දරුවන්ගේ බ්‍රසීලියානු මවක් වන එලියන් තම ළමයින් පාසලේදී කියවීමටත් ලිවීමටත් ටිකක්වත් ඉගෙන ගත්තේද යන්න ඇසූ විට ද ඇනා විශ්මයට පත් විය.

එලියන්: ඔබ කියවීමටත් ලිවීමටත් උගන් වන්නේ කවදාද?

ඇනාට එම ප්‍රශ්නය නුසුදුසු එකක් ලෙස පෙනුනේ ය: ඒවා ප්‍රාථමික පාසලේ ක්‍රියාකාරකම් වෙති. 

ඇනා: මෙය ප්‍රාථමික පාසලක් නොවේ!


6. නමුත් දේවල් අනෙක් පැත්තෙන් බැලීමට උත්සාහ කරමු!  

ඇය බ්‍රසීලයේ ළමයෙකුව සිටි විට, එලියන් පෙරපාසලේ ටිකක් ලිවීමටත් කියවීමටත් ඉගෙන ගැනීමට පටන් ගත් අතර, ඇයගේ මව ඇය ගැන ඉතා ආඩම්බර විය.

එලියන්ගේ මව: වාව්! බොහොම හොඳයි!


7. ඔවුන්ගේ ළමයින් ඉතාලියේ ළමයින්ට තරම් වේගයෙන් ඉතාලි භාෂාව ඉගෙන ගන්නේ නැති බවට ද ඇයට ඔවුන්ට උදවු කිරීමට නොහැකි විය හැකි බවට ද එලියන් කනගාටු වෙයි.

ඉතාලි මව තම ළමයාට: මාත් එක්ක ආයෙත් පාඩම් කරන්න!

එලියන් (කල්පනා කරයි): මට ඉතාලි භාෂාව හොඳට දන්නේ නැති නම් මෙම මගේ ළමයින්ට උදවු කරන්නේ කොහොමද?


8. ඇනා, අමීනා සහ එලියන් යන සියලු දෙනාම ළමයින් සඳහා හොඳම දේ කිරීමට කැමතියි, නමුත් සමහර විට ඔවුන් එකිනෙකා ගැන තේරුම් ගන්නේ නැත.

ඔවුන්ගේ විවිධ සංස්කෘතික පසුබිම් සහ ජීවිත අත්දැකීම් ගැන අවබෝධය නොමැති මිනිසුන් සමඟ අන්තර්ක්‍රියාවේ යෙදෙන හැසිරීම් වැරදි අර්ථ කථනවලට මඟ සැලසීමට ඉඩ ඇත.


9. සංස්කෘතිය හිම කුට්ටියක් වැනි ය.

මතුපිට මට්ටමේ, යම් කෙනෙකුට මිනිසුන් කරන්නේ, කන්නේ, අඳින්නේ, නිපදවන්නේ කුමක් දැයි බැලිය හැක.

ගැඹුරු මට්ටම් ඔවුන් ඒවා කරන්නේ ඇයි ද යන්න පිළිබිඹු වේ: අගයවල්, විශ්වාස, ආකල්ප...

සංස්කෘතිය අපි ඒ හරහා ලෝකය දකින අපගේ අවිඥාන කණ්ණාඩි ලෙස ද දැකිය හැක.

ඔබ වෙනත් ‘සංස්කෘතික කණ්ණාඩි’ සහිත පුද්ගලයෙක් හමු වූ විට

ඔබ ද එවැනි කණ්ණාඩියක් පැළඳ සිටීම ඔබට තේරුම් ගැනීමට ඉඩ ඇත!

 

10. අමීනා සහ එලියන් තමා මෙන්ම දේවල් දැකීම හෝ සිතීම නොමැති බව ඇනාට හැඟීමට හැකි ය, ඇත්තත් ඒකයි! 

ඇනා: මම ඔබට චක්‍ර-කාලය කියන්නේ කුමක් දැයි කියන්න උත්සාහ කරන්නම්

අමීනා: ස්තුතියි! මම අහන්න ධෛර්යමත් වුනේ නැහැ!


11. ඇනා තේරුම් ගැනීමට කාලය ගත කරන්නේ නම්, ඇය සිතන දෙය පැහැදිලිව විස්තර කිරීමට උත්සාහ කරන්නේ නම් සහ ඔවුන්ගෙන් ද එසේ කරන මෙන් ඉල්ලන්නේ නම්, ඔවුන්ට එකිනෙකාගේ දෘෂ්ටිකෝණය සොයා ගැනීමටත් කථා කිරීමට පටන් ගැනීමටත් හැකි වෙයි.

ඇනා: ඔබට භාෂාව ගැන යම් කනගාටු ඇති වීමට හේතුව දැන් මම දකිමි, මම වැඩිදුර අවධානය යොමු කරන්නම්!

අප සියලු දෙනාටම එකිනෙකාගෙන් ඉගෙන ගැනීමටත් සමහර සංස්කෘතික කණ්ණාඩි අපගේ ඒවාට නව ප්‍රියජනක වර්ණ එක් කරන බව සොයා ගැනීමටත් හැකි ය.


12. මෙය ළමයින්ට ද සැබෑ ය.

ඔවුන්ට ඔවුන්ගේ මාපියන්ගෙන් වෙනස් දේවල් මෙන්ම පොදු දේවල් ද බෙදාගෙන මානසික වශයෙන් තවත් සුනම්‍ය ලෙස වර්ධන විය හැක!

සාරා: මගේ මව කියන්නේ මට කෑමට දකුණු අත පමණක් භාවිත කිරීමටයි; 

ඇලිස්: මගේ මව ගෑරුප්පුව සහ පිහිය පමණක් භාවිත කිරීමට පවසයි!

බෝහ්: මම පාවිච්චි කරන්නේ චොප්ස්ටික්ස් පමණයි!

සියලු දෙනාම එක් වී: අපගේ මවුවරුන් අපි කෑම ඉවත දැමීමට කැමති නැහැ!”

අවසන් වරට නවීකරණය කරන ලද: Sunday, 9 June 2019, 4:16 PM