1 - Two languages are better than one!

                               

පැබ්ලෝ ස්පාඤ්ඤයෙකි, ලණ්ඩනයේ ජීවත් වෙයි. සැමදා ඔහු පාසලෙන් පිටත් වන විට, ඔහු තම මවට ස්පාඤ්ඤයෙන් සුබ පතන අතර තම පන්ති යහළු යෙහෙළියන්ට ඉංග්‍රීසියෙන් ගුඩ්බයි කියයි.
පැබ්ලෝ: හයි (ස්පාඤ්ඤයෙන්). හායි (ඉංග්‍රීසියෙන්)
පැබ්ලෝ ද්විභාෂිකයි.
පැබ්ලෝගේ මව සහ ඔහුගේ ගුරුවරයා පැබ්ලෝට එක වරම භාෂා දෙකක් ඉගෙන ගැනීමට නොහැකි වන බවට බිය වෙති.
ගුරුවරයා සහ මව: ඔහු භාෂා දෙකම නිසියාකාරයෙන් ඉගෙන ගනියිද?
නොවැඩි කලකට පෙර, ද්විභාෂිකත්වය ළමයින්ගේ සංවර්ධනය ප්‍රමාද කළ බව සිතනු ලැබීය. ද්විභාෂික ළමයින්ට තම භාෂා දෙක අතර වෙනස් කොට සැලකිය හැකි බව දැන් විද්‍යාත්මකව ඔප්පු කරනු ලැබ ඇත. 
පැබ්ලෝට සුපිරි දක්‍ෂතා කිහිපයක්ම තිබේ! ඔහුට ඔහු කථා කරන අයට අනුව පහසුවෙන්ම ස්පාඤ්ඤ භාෂාව සහ ඉංග්‍රීසි භාෂාව අතර මාරු විය හැක. පියා: ඔබට එය අවශ්‍යද? ස්පාඤ්ඤයෙන්පැබ්ලෝ: ඔව් (ස්පාඤ්ඤයෙන්). පෙඩ්‍රෝ, ඔබට? (ඉංග්‍රීසියෙන්)පෙඩ්‍රෝ: ඔව් (ඉංග්‍රීසියෙන්)
ඔහුට භාෂා දෙකකින් කථා කළ හැකි පමණක් නොව, ඔහු මානසිකව සුනම්‍ය වන අතර අදාළ නොවන තොරතුරුවලින් බාධා නොවී තම අවධානය යොමු කිරීමෙහි ද හොඳ ළමයෙකි.
පැබ්ලෝ වාගේම, ඔවුන් කථා කරන්නේ කුමන භාෂාව වූවත් මුහම්මද්, සුවේසුවේ සහ අනෙකුත් ද්විභාෂික ළමයින් සියලු දෙනාටම මෙම සුපිරි දක්‍ෂතා තිබේ!
මුහම්මද්: සමනළයා (ඉංග්‍රීසියෙන්/අරාබියෙන්)පැබ්ලෝ: සමනළයා (ඉංග්‍රීසියෙන්/ස්පාඤ්ඤයෙන්) සුවේසුවේ: සමනළයා (ඉංග්‍රීසියෙන්/චීනයෙන්)
වෙනත් ඕනෑම මනුෂ්‍යයෙකුට ලෙසම ඔවුන්ගේ මොළ ද්විභාෂික වීමට වැඩසටහන් වී ඇත. 
ද්විභාෂිකත්වය මෑත සංසිද්ධියක් නොවේ, එය සැබැවින්ම ඉපැරණි එකකි. ලෝක ජනගහනයේ අඩකට වැඩි පිරිසක් අවම වශයෙන් භාෂා දෙකක් කථා කරති. ලොව පුරා භාෂා 7000 ක් කථා කරනු ලැබේ. එනම් සාමාන්‍යයෙන් රටකට භාෂා 36 ක් බැගිනි.
බහුභාෂිකත්වය සාමාන්‍ය දෙයකි, එය ව්‍යතිරේඛයක් නොවේ! 
ද්විභාෂික ලෙස වැඩීම දිගු කාලීන ආයෝජනයකි! පැබ්ලෝ, මුහම්මද්, සුවේසුවේ වැනි ළමයින් ජීවිතය පුරාම සුපිරි දක්‍ෂතා සහ ප්‍රයෝජනවත් බලපෑම් අත්විඳිති. 

         
අවසන් වරට නවීකරණය කරන ලද: Monday, 27 May 2019, 10:59 AM