7a - පාසලේ බහුභාෂිකත්වය තනිභාෂිකත්වයට වඩා හොඳයි!#1 පාසලේ උපාය මාර්ග: අන්තර්භාෂාකරණය

ආගමන වන රටවල් තව තවත් බහුසංස්කෘතික සහ බහුභාෂික වෙමින් පවතිති. සියලුම භාෂාවලට එකම කාර්යය තිබෙන නමුත්, රටවල නිල භාෂා සහ ඉංග්‍රීසිය වැනි අන්තර්ජාතික භාෂා වැනි සමහර භාෂා වඩා හොඳ සහ අනෙකුත් ඒවාට වඩා ප්‍රයෝජනවත් යන පොදු අදහසක් තිබේ.

සංක්‍රමණික මාපියන්ගෙන් යුත් ළමයින් තුළ නිල භාෂාව සහ නිවසේ කථා කරන භාෂා කෙරෙහි ඇති වන හැඟීම් තුළ මෙයට බලපෑමක් තිබේ, මෙය බොහෝ දුරට ඔවුන් තම නිවසේ භාෂාව බහුතරයේ භාෂාව මෙන් වැදගත් නොවේ යැයි සිතමින් ලැජ්ජා වීමට ඉඩ සලසයි.

මයිකල්: තගාලොග් භාෂාව වැදගත් නොවේ.

අමඩෞ: වොලොෆ් භාෂාව ඉංග්‍රීසි භාෂාවට තරම් සිත් ගන්නා එකක් නොවේ.

ෆාතිමා: අරාබි භාෂාවේ ප්‍රයෝජනයක් නැහැ.

ළමයින් තම නිවසේ භාෂාව ඉගෙන ගැනීමත් කථා කිරීමත් ප්‍රතික්‍ෂේප කරන්නේ නම්, මාපියන් කලකිරල්ලට පත් වී තම නිජ භාෂාවෙන් තම ළමයින්ට කථා නොකිරීමට තීරණ කිරීමට ඉඩ ඇත.

අමඩෞ: මම ඉංග්‍රීසි පමණක් කථා කරන්නම්

අමඩෞගේ මව: ඉංග්‍රීසියෙන් පමණක් කථා කරමු

ෆාතිමාගේ පියා: හොඳ අදහසක්!

ඇනාගේ මව: හොඳ අදහසක්!

සමහර විට, නිවසේ කථා කෙරෙන තම මව් භාෂාව තම දරුවන්ට පාසලේ කථා කරන නිල භාෂාව ඉගෙන ගැනීම අපහසු කළ හැකි යැයි මාපියන් සිතති.

පාසල් සහ ගුරුවරුන් නිවසේ භාෂා ගැන තිබෙන මනෝභාවය තීරණාත්මකයි. සංක්‍රමණික දරුවන් සෑහෙන තරම් ඉක්මනින් නිල භාෂාව ඉගෙන නොගනිති යැයි සමහර විට ගුරුවරුන් සිතති.

ගුරුවරයා: ඔවුන් ඉක්මනින් ඉගෙන ගනියිද?

සංක්‍රමණික දරුවන් එකිනෙකාට තම නිවසේ භාෂාවේ කථා කරන විට අනෙකුත් දරුවන්ට තමන් මඟ හැරෙන බව හැඟීමට ඉඩ ඇති යැයි ද ඔවුන් කනගාටු විය හැක.

ගුරුවරයා: සියලු දෙනාම ඇතුළත්ද?

මෙම හේතු සඳහා, සමහර ගුරුවරුන් පාසලේ බහුතරයේ භාෂාව පමණක් කථා කරන ලෙස කිව හැක.

ගුරුවරයා: “ඔබේ නිවසේ භාෂාව පාසලේ කථා කරන්න එපා!”

නිල භාෂාව ඉගෙන ගැනීම ප්‍රවර්ධන කිරීම වැදගත් වන නමුත්, භාෂා සියල්ලම වැදගත් බව දැඩියෙන් උද්දීපන කළ යුතු ය.

ගුරුවරුන්: ඔබ දන්නා සියලුම භාෂා ලස්සන සහ වැදගත් ඒවා වන බැවින්, කිසි විටෙක ඒවා අත්හරින්න එපා!

පාසල සියලුම භාෂා ක්‍රියාකාරී ලෙස ප්‍රවර්ධන නොකරන්නේ නම්, පාසලේ කථා කෙරෙන භාෂාව ඔවුන්ගේ නිවසේ භාෂාවට වඩා වැදගත් යැයි සිසුන් සිතිය හැක.

මයිකල්: ඉංග්‍රීසි භාෂාව තවත් වැදගත්.

අන්තර්භාෂාකරණය සහ භාෂා දැනුවත්කම වැනි ප්‍රවේශ භාවිත කොට ගුරුවරුන්ට බහුභාෂිකත්වය ප්‍රවර්ධන කළ හැක.

අන්තර්භාෂාකරණය යනු ශිෂ්‍යයින්ට පන්තිය තුළ විවිධ භාෂා භාවිත කිරීමට පොලඹවන ඉගෙන්වීම් ප්‍රවේශයකි.

ගුරුවරයා: ඔබ මෙම කවිය ගැන කුමක් සිතන්නේ දැයි මට කියන්න.

එය හොඳටම ක්‍රියා කරන්නේ ගුරුවරයා සහ සිසුන් යන දෙපිරිසම එකම භාෂාව දැන සිටින විට ය; මේ අවස්ථාවේදී, මාතෘකාවක් ගැන එක භාෂාවකින් සාකච්ඡා කර එය ගැන තවත් භාෂාවකින් ලියන ලෙස ශිෂ්‍යයින්ට කිව හැක.

ගුරුවරයා: කවියක් ලියන්න උත්සාහ කරන්න: ඔබට කැමති භාෂාව භාවිත කරන්න!

එක භාෂාවක් කථා කළ හැකි ගුරුවරුන්ට වූවත් අන්තර්භාෂාකරණය භාවිත කළ හැක; මේ අවස්ථාවේදී, ඔවුන්ට භාෂාවක් කථා කළ නොහැකි නම්, ඔවුන් ද එකට ඉගෙන ගන්නන් වී, පන්තිය තුළ තම නිවසේ භාෂාව භාවිත කරන ලෙස ශිෂ්‍යයින් පෙලඹවිය හැක.

ගුරුවරයා: සියලු දෙනාටම තම තමන්ගේ භාෂාවෙන් කථා කළ හැක.

මේ ආකාරයෙන්, සිසුන්ට බහුතරයේ භාෂාවේ රැඳී නොසිට තමන්ට ඇති ඕනෑම භාෂා මෙවලමකින් තම අදහස් හෙළි කිරීමට ඉඩ දෙනු ලැබේ.

අවසන් වරට නවීකරණය කරන ලද: Monday, 27 May 2019, 11:01 AM